සෑ ගිරිය ලස්සනට
එකම එක දවසකදි
මං දුටු වා
එදා ඒ පොසොන් සඳ
විතරමයි කළ එළිය
කල එළිය……..
වෙන මොනව කියන්නද
තෙරුවන් සරණයි
ලං. වි. ම. ට
වැඩ වරා සිටි හෙයින්
එදවසට………..
ආගම නෑ ඒ දවසට
මට බාධා කළේ
සොබා දහම බුදුවෙනු රඟ
දුටුමි අහස් තලේ
තෘෂ්ණාවෙන් බැබලි බැබලි
නොයිද ගිමන් හලේ
ආයේ එහෙම කවදානම්
දකිම් මිහින්තලේ…….
ගාමිණී රුබේරු.
